හෝමූස් සමුද්‍ර සන්ධිය ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් නව භූමියක් ලෙස දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සටහනක් පළකිරීමෙන් අනතුරුව, ඉරාන විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කාසෙම් ඝරීබාබාඩි විසින් ට්‍රම්ප් වෙත දැඩි හාස්‍යාත්මක ප්‍රහාරයක් එල්ල කර තිබේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයා ‘ස්කිසෝෆ්‍රීනියා’ නමැති දැඩි මානසික රෝගී තත්ත්වයෙන් සහ මායාවන්ගෙන් පෙළෙන බවයි. ස්කිසෝෆ්‍රීනියා යනු පුද්ගලයෙකුගේ සිතීමේ හැකියාව සහ යථාර්ථය තේරුම් ගැනීමේ හැකියාව මුළුමනින්ම වෙනස් කරන සංකීර්ණ මානසික ආබාධයක් බව විස්තර කරන ඔහු, මෙවැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් පැය 24 පුරාම වෛද්‍ය හා මානසික නිරීක්ෂණ යටතේ තබා ගනිමින් ප්‍රතිකාර ලබාදිය යුතු බවට මනෝවිද්‍යාඥයින් නිර්දේශ කරන බවද සටහන් කර ඇත.
ගෝලීය වශයෙන් අතිශය උපායමාර්ගික හා නාවික වැදගත්කමකින් යුත් හෝමූස් සමුද්‍ර සන්ධිය තමන් සතු කරගැනීමට සමාජ මාධ්‍ය සටහන් හෝ තර්ජනාත්මක ප්‍රකාශ මගින් නොහැකි බවත්, එය අතීතයේ මෙන්ම අනාගතයේදීත් ඉරානය සතු භූමියක් වන බවත් ඉරාන බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කරති.














