අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩා කිරීම (Online gaming), සයිබර් හිංසනයන් (Cyberbullying) සහ සූදු ක්‍රීඩාවලට (Online betting) නිරාවරණය වීම වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ඩිජිටල් ආරක්ෂාව වෙනුවෙන් වහාම ශක්තිමත් පියවර ගත යුතුව ඇති බව මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පවසයි.
අන්තර්ජාලය තුළ වැඩි කාලයක් ගත කිරීම නිසා දරුවන්ගේ අධ්‍යාපනයට, නින්දට, සමාජීය සබඳතාවලට මෙන්ම මානසික සෞඛ්‍යයට ද දැඩි අහිතකර බලපෑම් එල්ල වන බව පෙන්වා දෙන වෛද්‍යවරයා, ක්‍රීඩා ඇතුළත සිදුකරන ගෙවීම් (In-game purchases) නිසා මූල්‍යමය හානි ද සිදුවන බව පෙන්වා දෙයි. එපමණක් නොව, ස්මාර්ට්ෆෝන් භාවිතය වැඩිවීමත් සමඟ කුඩා වියෙන්ම දරුවන් අන්තර්ජාල සූදුවලට සහ සයිබර් හිංසනයන්ට නිරාවරණය වීමේ දැඩි අවදානමක් පවතී. මේ නිසා දෙමාපියන් සහ ගුරුවරුන් දරුවන්ගේ අන්තර්ජාල ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත්, අදාළ තාක්ෂණික සමාගම් සහ බලධාරීන් දරුවන්ට සුදුසු නොවන අන්තර්ගතයන් වැළැක්වීමට වහා ක්‍රියාත්මක විය යුතු බවත් වෛද්‍ය රූමි රූබන් වැඩිදුරටත් අවධාරණය කරයි.














