පසුගිය දින කිහිපය තුළ රුසියාවේ මොස්කව් නුවර පැවැති රහසිගත සාකච්ඡා මාලාවක් පිළිබඳ තොරතුරු ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යුක්රේනය වෙත ලබා දී ඇති බව යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) තහවුරු කරයි.
ටෙලිග්රෑම් (Telegram) සටහනක් තබමින් ජනාධිපති සෙලෙන්ස්කි ප්රකාශ කළේ, මොස්කව්හි පැවැති මෙම හමුවීම් පිළිබඳ තොරතුරු තමන් වෙත ලබාදීම සහ රුසියාව සමඟ සාකච්ඡා කිරීමේදී ඇමෙරිකාව භාවිත කළ දැඩි ස්ථාවරය (Tone of the conversation) පිළිබඳව ඇමෙරිකානු පාර්ශ්වයට ස්තූතිය පුද කරන බවයි. සී.අයි.ඒ. (CIA) අධ්යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් (John Ratcliffe) හදිසියේ මොස්කව් වෙත ගොස් නැටෝ (NATO) සාමාජික රටවලට ප්රහාර එල්ල නොකරන ලෙස රුසියාවට අනතුරු ඇඟවූ බවට සහ ඉරානයට රුසියාව දක්වන සහාය පිළිබඳ සාකච්ඡා කළ බවට වාර්තා පළවී තිබුණද, පසුව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ ක්රෙම්ලිනය එම වාර්තා අවතක්සේරු කරමින් අදහස් දක්වා තිබුණි. කෙසේවෙතත්, මෙම සංවේදී සාකච්ඡා පිළිබඳ තොරතුරු ඇමෙරිකාව විසින් කෙලින්ම යුක්රේනය වෙත ලබා දී ඇති බව සෙලෙන්ස්කිගේ මෙම ප්රකාශයෙන් පැහැදිලි වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














