චීනය විසින් තායිවානය ආක්‍රමණය කිරීමට උත්සාහ කළහොත් එල්ල වන පළමු ප්‍රහාර මාලාවට තායිවාන සමුද්‍රසන්ධියේ පිහිටි උපායමාර්ගික වශයෙන් අතිශය වැදගත් පෙන්ගු (Penghu) දූපත් පද්ධතිය මුහුණ දෙනු ඇති බවට හමුදා විශේෂ්ඥයෝ අනතුරු අඟවති.
තායිවාන ප්‍රධාන භූමියට කිලෝමීටර 50ක් මෙපිටින් පිහිටි මෙම දූපත් කලාපය අල්ලා ගැනීම හෝ එහි පවතින තායිවාන මිසයිල පද්ධති විනාශ කිරීම චීන හමුදාවට (PLA) අනිවාර්ය වේ. එමගින් චීන නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තායිවානයට හිමිවන බැවිනි. පවතින තත්ත්වය හමුවේ තායිවානය තම ‘හන් කුඅං’ (Han Kuang) හමුදා අභ්‍යාස මගින් පෙන්ගු හි ටැංකි, කාලතුවක්කු සහ ඩ්‍රෝන බලඇණි යොදවමින් සූදානම ඉහළ නංවා ඇති අතර, සිවිල් ජනතාව ද හදිසි ආරක්ෂක මෙහෙයුම් සඳහා පුහුණු කරමින් සිටී. කෙසේවෙතත්, චීන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ තායිවානය මෙම දූපත් බලකොටු කිරීමට ගන්නා උත්සාහය “විකාරරූපී” එකක් බවයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














