තුර්කි ජනාධිපති රෙජෙප් තායිප් එර්ඩෝගන් (Recep Tayyip Erdogan) විසින් සමස්ත ඉස්ලාමීය ප්‍රජාවේ (“උම්මා” – Ummah) ප්‍රධාන ප්‍රකාශකයා ලෙස පෙනී සිටිමින්, ඉස්ලාමීය ලෝකය එක්සත් වී තමන්ගේම බලවේගයක් ගොඩනගා ගත යුතු බවට නැවත වරක් ප්‍රබල ප්‍රකාශයක් කර තිබේ.
මෙක්කා නුවරදී සෞදි අරාබිය සහ පකිස්ථානය සමඟ තීරණාත්මක ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබීමෙන් පසුව අදහස් දැක්වූ එර්ඩෝගන් කියා සිටියේ, ඉස්ලාමීය අගනගරයන් ලෝකයේ වෙනම බල කේන්ද්‍රයක් බවට පත්විය යුතු බවත්, අන්කාරා (Ankara) පාලනය විසින් මැදපෙරදිග කලාපයේ ඉතිහාසය නැවත ලියමින් සිටින බවත්ය. කෙසේවෙතත්, විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඉස්ලාමීය සහෝදරත්වය ඉදිරියට දමමින් එර්ඩෝගන් උත්සාහ කරන්නේ තුර්කි ජාතික කොඩියට වඩා එහා ගිය ආගමික මතවාදයක් හරහා සමස්ත ඉස්ලාමීය ලෝකයේම ප්‍රධාන නායකයාගේ පුටුව අන්කාරා වෙත අත්පත් කරගැනීමට බවයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














