වෙනත් යුවළක් වෙනුවෙන් ගර්භනී භාවය ලබාදීමේ (Surrogacy) කළලයක් තම කුස තුළ තැන්පත් කරගන්නා අතරතුරදීම, ස්වාභාවික ලෙස පිළිසිඳ ගැනීමක් සිදු වීමෙන් ජෛව විද්‍යාත්මකව එකිනෙකාට සම්බන්ධයක් නැති නිවුන් දරුවන් දෙදෙනෙකු බිහි කළ ඕස්ට්‍රේලියානු කාන්තාවක පිළිබඳ පුවතක් වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ (Queensland) සිදු වූ මෙම සිදුවීමේදී, 2025 අප්‍රේල් මාසයේදී අදාළ යුවළගේ කළලය 27 හැවිරිදි මෙම කාන්තාවගේ කුස තුළ තැන්පත් කර ඇත. එම කාලසීමාවේදීම ඇය තම සැමියාගෙන්ද ගැබ්ගෙන තිබේ. පසුව සිදුකළ ජාන පරික්ෂණවලින් හෙළි වී ඇත්තේ උපත ලැබූ ගැහැණු දරුවා අදාළ අනුග්‍රාහක යුවළගේ ජෛව විද්‍යාත්මක දරුවා වන අතර, පිරිමි දරුවා මෙම කාන්තාවගේ සහ ඇගේ සැමියාගේ ජෛව විද්‍යාත්මක දරුවා බවයි.
2025 නොවැම්බර් මාසයේදී උපත ලැබූ මෙම දරුවන් දෙදෙනා දෙමාපියන් දෙපිරිස අතර සාමකාමීව බෙදාගෙන ඇති අතර, එකට උපත ලැබූ නිවුන් දරුවන් නීතියෙන් වෙන් කිරීම පිළිබඳව ක්වීන්ස්ලන්ත ළමා අධිකරණයේ (Children’s Court of Queensland) පැවති නීතිමය ගැටලුවද අධිකරණ තීන්දුව මගින් නිරවුල් කර තිබේ.














