මල්වතුහිරිපිටිය පොලිසිය විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3,220ක් සමඟ අමුණුකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 34 හැවිරිදි පුද්ගලයකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී නිවාස බිඳ රුපියල් ලක්ෂ 50කට අධික දේපළ සහ යතුරුපැදියක් ඇතුළු සොරකම් රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
රැඳවුම් නියෝග මත සිදුකළ මෙම ප්‍රශ්න කිරීම්වලදී LED රූපවාහිනියක්, ලැප්ටොප් පරිගණකයක්, නිකෝන් කැමරාවක්, අත් ඔරලෝසුවක්, ගෑස් සිලින්ඩරයක්, රන් භාණ්ඩ සහ තවත් දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් අනාවරණය කරගෙන ඇති අතර, එම සොරකම්වලට අනුබල දුන් කළගෙඩිහේන සහ කැකිරාව ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් තිදෙනා සහ නඩු භාණ්ඩ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














