මොනරාගල ප්‍රදේශයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් කුඹුක්කන, සුදුවතුරආර ප්‍රදේශයේ ගවයින් බීමට ජලය හා කෑමට තණකොළ නොමැතිව පීඩාවට පත්ව සිටින අයුරු මාධ්‍ය මඟින් දැක හිත උණුවී ගිය රත්නපුර ගිලීමලේ ගුරුළුමාන ප්‍රදේශවාසීන් විසින් තණකොළ ලොරි තුනක් ඊයේ (අගෝස්තු 28) උදෑසන සුදුවතුරආර ප්‍රදේශයට ගෙනවිත් ගවයින්ට ලබාදීම සඳහා ගව හිමියන්ට භාරදී ඇත.
මෙම අවස්ථාව සඳහා මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ජනක කුරුප්පු මහතාද සහභාගී වී ඇති අතර, ගුරුළුමාන ගම්වාසීන් විසින් සිදු කරන ලද මෙම ආදර්ශවත් සත්ක්‍රියාව අගය කරමින් සභාපතිවරයා ඔවුන්ට සිය ප්‍රණාමය පුද කර තිබේ.














