පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ලබන වසර තුළ පොල් පලදාවට බරපතළ බලපෑමක් එල්ල විය හැකි බව පොල් පර්යේෂණ ආයතනය පවසයි. එහි සභාපති මහාචාර්ය අජිත් ජයවීර මහතා කියා සිටියේ, ඉදිරි මාස කිහිපයේදීත් මෙම වියළි කාලගුණික බලපෑම් අඛණ්ඩව පැවතුනහොත් මෙම තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බවයි.
කෙසේ වෙතත්, පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සියයට 11ක පොල් පලදාවක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.














