ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා තම පියාගේ ඉතා ලඟම දේශපාලන සහ පෞද්ගලික මිතුරෙකු වූ බව පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
“රතුවේවි මිහිමඩල” ග්රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, කුඩා කාලයේදී තමන් වාසුදේව නානායක්කාර මහතාට “අංකල්” යනුවෙන් ඇමතුවද, වර්තමානයේදී ඔහු තමන්ගේ “සහෝදරයෙකු” ලෙස සලකන බවයි.
එමෙන්ම, වාසුදේව නානායක්කාර මහතාගේ ඇතැම් දේශපාලන මතවාදයන් සමඟ එකඟ විය හැකි මෙන්ම නොහැකි ස්ථානද පැවතිය හැකි නමුත්, දේශපාලනයෙන් සතයක්වත් අනිසි ලෙස හරිහම්බ නොකළ ඔහු සමස්ත සමාජයටම ඉතා ආදර්ශමත් දේශපාලන චරිතයක් බවද මන්ත්රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














