ආණ්ඩු පක්ෂය මැතිසබයට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමට ඇති කාලය අනිද්දා (අගෝස්තු 31) සඳුදා දිනෙන් අවසන් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නඩු විභාගය අවසන් කර දින 21ක් ඇතුළත එහි තීරණය ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට යැවිය යුතු අතර, ඒ අනුව ලබන සැප්තැම්බර් 21 දිනට පෙර අදාළ තීරණය ලබාදීමට සිදුවනු ඇත. තවද, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන ඔක්තෝබර් මස මුලදී පැවැත්වීමට නියමිතය.














