1958 අගෝස්තු 29 වන දින උපත ලැබූ, සංගීත ලෝකය උඩුයටිකුරු කළ අසමසම ගායක, නර්තන ශිල්පී සහ රංගන ශිල්පී මයිකල් ජැක්සන්ගේ උපන්දිනය අද දිනට යෙදී තිබීම නිමිත්තෙන් ලොව පුරා රසිකයන් සහ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් විසින් ඔහුගේ අසදෘශ කලා උරුමය නැවතත් කෘතඥපූර්වකව මතක් කරනු ලබයි.
‘Billie Jean’, ‘Thriller’, සහ ‘Beat It’ වැනි ලෝකප්‍රකට ගීත නිර්මාණය කරමින් සහ “Moonwalk” වැනි අද්විතීය නර්තන විලාසිතාවන් ලොවට හඳුන්වා දෙමින් ජාත්‍යන්තර සංගීත කර්මාන්තයේ දැවැන්ත පෙරළියක් කිරීමට ඔහු සමත් විය. සිය දශක පහකට ආසන්න කලා ජීවිතය තුළ ග්‍රැමී සම්මාන 13ක් ඇතුළු ජාත්‍යන්තර සම්මාන රාශියක් දිනාගත් මයිකල් ජැක්සන් තැබූ අසමසම වාර්තා සහ ඔහුගේ සංගීත බලපෑම අදටත් නූතන පරම්පරාවේ ප්‍රමුඛ පෙළේ කලාකරුවන් රැසකට මහඟු ආභාසයක් ලබා දෙයි.














