මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණය හමුවේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන රැසක ජනතාවට පානීය ජලය සපයා ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබේ.
පීඩාවට පත් එම ජනතාව වෙනුවෙන් බවුසර් මඟින් පානීය ජලය බෙදා දීම මේ වන විට ආරම්භ කර ඇති අතර, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාව විසින් මෙම ජලය ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.














