දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 786ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 997.84ක් බව අනාවරණය වී තිබේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මේ බව අනාවරණය විය.
මෙම ව්‍යාපෘති අතරට ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති 263ක් (රුපියල් මිලියන 296.19ක්) සහ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 286ක් (රුපියල් මිලියන 543.22ක්) ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීම අරමුණු කරගනිමින් 2026 අයවැයෙන් රුපියල් මිලියන 25,000ක් මේ සඳහා වෙන් කර ඇති අතර, මේ වන විට දිවයින පුරා ග්‍රාමීය මට්ටමින් ව්‍යාපෘති 15,646ක් ආරම්භ කර තිබේ.
















