සේවකයන් පිරිසක් පසුගිය 25 වන දින සිට රාජකාරි කටයුතුවලින් බැහැරවීම සහ නිෂ්පාදන කටයුතු ආරම්භ නොකිරීම හේතුවෙන් සෙවනගල සීනි කර්මාන්තශාලාවේ සාමාන්‍ය මෙහෙයුම් සහ නිෂ්පාදන කටයුතු බරපතළ ලෙස අඩාල වී ඇති බව කළමනාකාරීත්වය නිවේදනය කරයි.
මෙම තත්ත්වය ආයතනයේ මූල්‍ය තත්ත්වයටද අහිතකර ලෙස බලපා ඇති බැවින්, අද (29) සිට නැවත දැනුම් දෙන තුරු කර්මාන්තශාලාව තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත්, කර්මාන්තශාලාවේ අත්‍යවශ්‍ය සේවාවන් පමණක් අඛණ්ඩව පවත්වාගෙන යාමට නියමිතය.
රික්ත උදුන් සහ ක්‍රිස්ටලයිසර් අංශ, සසයිබර්, කිරුම් පුවරු හා උක් අංගනය, ජලනල, විදුලි සහ විදුලි බලාගාර අංශ, පොම්පාගාර, ආරක්ෂක සහ ගිනි නිවීමේ අංශ මෙන්ම වගා අංශ අත්‍යවශ්‍ය සේවා ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ඉහත සඳහන් කළ අත්‍යවශ්‍ය සේවා හැරුණු කොට, අනෙකුත් සියලුම පරිපාලන සහ සේවා අංශ මෙලෙස දින නියමයකින් තොරව තාවකාලිකව අත්හිටුවා ඇත.
















