ලබන 5 වැනිදා සිට රජය විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් මාලාව ජනතාව මුළා කරන පච රැස්වීම් මාලාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
වත්මන් රජය බලයට පත්වූයේම අසත්‍ය ප්‍රචාර පතුරුවමින් බවත්, එම ක්‍රියාවලිය හේතුවෙන් අද වන විට රට දැවැන්ත විනාශයක් කරා ගමන් කරමින් පවතින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. රජයේ මූල්‍ය කළමනාකරණය දැඩි ලෙස විවේචනය කළ හෙතෙම, සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වෙන් කළ මුදල්වලින් 70%ක් පමණ තවමත් වියදම් කර නොමැති බව අනාවරණය කළේය. එපමණක් නොව, මෙරට ජනතාව දුෂ්කරතාවලට මුහුණ දී සිටියදී නේපාලයේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කිරීමට රජය පියවර ගැනීම හාස්‍යයට කරුණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















