සංවර්ධන නිලධාරීන් 150,000ක් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් 14,000ක් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව තමන් මීට පෙර පාර්ලිමේන්තුවේදී මෙන්ම රට හමුවේ ද කරුණු අනාවරණය කළ බවත්, එම අවස්ථාවේදී රජය ලබාදුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටු කර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එම නිලධාරීන් කොළඹට ගෙනැවිත් සාකච්ඡා පවත්වා ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළද, සංවර්ධන නිලධාරීන්ට සහ ආර්ථික සංවර්ධන නිලධාරීන්ට අදාළ සේවා ව්‍යවස්ථාවන් ක්‍රියාත්මක කිරීමට රජය සම්පූර්ණයෙන්ම අපොහොසත් වී ඇති බව ඒ මහතා සඳහන් කළේය. මැතිවරණ සමයේදී මෙම කණ්ඩායම් මෙහෙයවූ චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයා ඇතුළු රජය, මෙම ක්ෂේත්‍ර දෙකේම නිලධාරීන්ව මුලා කර ඇති බවට චෝදනා එල්ල වන බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, අදාළ සේවා ව්‍යවස්ථාවන් ලබා දෙන්නේ කවදාදැයි රජයෙන් ප්‍රශ්න කර සිටී.
















