22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටද පැවරී තිබූ වගකීම් මේ වන විට ඉටුකර අවසන් බවත්, දැන් තීරණය පවතින්නේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
ආණ්ඩුව පාර්ශ්වයෙන් අදාළ සංශෝධනය ගැසට් මගින් ප්‍රසිද්ධ කර පාර්ලිමේන්තුවට සභාගත කිරීම සිදුකර අවසන් බවත්, විපක්ෂයක් ලෙස තමන් එම සංශෝධනය අභියෝගයට ලක්කරමින් ජනමත විචාරණයකට යොමුකරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් යොමුකළ බවත් ඔහු සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සැප්තැම්බර් 22 වනදාට පෙර කථානායකවරයාට දැනුම් දීමට නියමිත බැවින්, එම තීන්දුව ලැබෙන තෙක් සියලු දෙනා බලා සිටිය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















