වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට වමට සංඥා නිකුත් කළද, මේ වන විට ගමන් කරමින් සිටින්නේ දකුණේ මාවතක බව ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ආණ්ඩුවට තවමත් ප්‍රමාද නැති බවත්, මෙම දේශපාලන ගමන අවම වශයෙන් මැද මාවත දෙසට හෝ යොමු කරගැනීමට ඇති උවමනාව ප්‍රදර්ශනය කිරීමට හොඳම අවස්ථාව වන්නේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරගැනීම බවත් ඔහු සඳහන් කරයි.
එම සංශෝධනය ඉවත් කරගැනීම දේශපාලන වශයෙන් පසුපසට යාමක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිතුවද, එය සැබවින්ම ඉදිරියට තබන පියවර දෙකක් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















