නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශීය පාසල් ආහාර සැපයුම් වැඩසටහනට (Home-Grown School Feeding programme) සහභාගී වන ගොවීන්ට සහ පාසල් ආහාර සැපයුම්කරුවන්ට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් දළ වශයෙන් රුපියල් මිලියන 22ක් වටිනා කෘෂිකාර්මික උපකරණ ලබා දී තිබේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම උපකරණ ලබා දී ඇත.
මෙම ආධාරයට ජල ටැංකි, උද්‍යාන හෝස්, ස්ප්‍රේකර්, භාජන (Crates) සහ වැටවල් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් වන අතර, එය දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ආහාර වැඩසටහනට සහයෝගය දැක්වීම අරමුණු කර ගෙන ඇත. මයිකල් කෝස් (Michael Kors) විසින් අරමුදල් සපයන ලද මෙම වැඩසටහන හරහා පාසල් සහ දේශීය ආහාර නිෂ්පාදකයින් එකිනෙකා සමඟ සම්බන්ධ කරන අතර, ග්‍රාමීය ජීවනෝපායන්, විශේෂයෙන්ම කාන්තාවන්ගේ ජීවනෝපායන් නංවාලීමට දායක වේ. නුවරඑළිය පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සහ පුළුල් කිරීමට WFP ආයතනය රුපියල් මිලියන 92කට අධික මුදලක් මේ වන විට ආයෝජනය කර ඇති බව ප්‍රකාශ කර ඇත.
















