ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ වැඩකටයුතුවලට සහභාගි නොවීමට සමගි ජන බලවේගය (සජබ) තීරණය කර ඇත. ඒ අනුව, “සත්‍ය දිනවමු; හොරුත් බොරු පරදවමු” යන තේමාව යටතේ ගාල්ල නගර ශාලාවේදී හෙට පැවැත්වෙන සම්මන්ත්‍රණයට සහ විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පවත්වන සෙසු සියලු රැස්වීම්වලටද සහභාගි නොවීමට පක්ෂය තීරණය කර තිබේ.
මෙම රැස්වීම්වලට සහභාගි නොවන ලෙස පක්ෂ මූලස්ථානයෙන් ආසන සංවිධායකවරුන්ට දැනුම් දී ඇති අතර, රටේ පොදු ප්රශ්නවලදී විපක්ෂය එකතු විය යුතු අවස්ථාවක මෙසේ බෙදී වෙන්වීම ඉතා අවාසි සහගත බව සජබ පාක්ෂිකයෝ පෙන්වා දෙති.
















