වර්තමානයේ රටේ සමස්ත ජනගහනයෙන් 30% ත් 40% ත් අතර ප්‍රමාණයක් දැඩි දුප්පත්භාවයෙන් පෙළෙන බවත්, එවැනි පසුබිමක් තුළ ජනතාවට සහන සපයන ‘අස්වැසුම’ සුබසාධන වැඩසටහනටද මේ වන විට කණකොකා හඬන කාලය උදා වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ආර්ථික අර්බුද හමුවේ පීඩාවට පත්ව සිටින දුගී ජනතාවට සහන ලබා දීමට රජය අපොහොසත් වී ඇති බව පෙන්වා දෙන ඒ මහතා, ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා වඩාත් ක්‍රමවත් හා සාධාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළේය.
















