ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ඉතා සුන්දර මෙන්ම සටන්කාමී නායකයෙකු ලෙස තමන් තුළ අසීමිත ගෞරවයක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
“රතුවේවි මිහිමඩල” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, වාසුදේව නානායක්කාර මහතාගේ අභිමානවත් ජීවිත කතාව කියවා එයින් බොහෝ පාඩම් ඉගෙන ගැනීමේ අරමුණින් තමන් මෙම උත්සවයට සහභාගී වූ බවයි.
දේශපාලන ක්ෂේත්‍රය තුළ ඔහු දැක්වූ අනුපමේය කැපවීම සහ සටන්කාමී නායකත්වය අනාගත දේශපාලනඥයන්ටද ආදර්ශයක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















