බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව පවත්වනු ලබන විරෝධතා සහ සැමරුම් සඳහා තම පක්ෂයට කිසිදු නිල ආරාධනාවක් ලැබී නොමැති බැවින්, ඒ සඳහා සහභාගී නොවන බව ඉලංගෙයි තමිළ් අරසු කච්චි පවසයි. කෙසේ වෙතත්, අදාළ විරෝධතා සඳහා තනි පුද්ගලයින් වශයෙන් සහභාගී වීමට කිසිදු බාධාවක් නොමැති බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
සෑම වසරකම අගෝස්තු මස 30 වැනි දින බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනය සැමරෙන අතර, මෙරට තුළ එවැනි අතුරුදන් කිරීම්වලට මුහුණ දුන් අයට මේ දක්වා යුක්තිය ඉටු වී නොමැති බවත්, වත්මන් රජය ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවත් එම පක්ෂය අවධාරණය කරයි. බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන්ගේ ඥාතීන්ගේ එකමුතුව විසින් උතුර සහ නැගෙනහිර පළාත් දෙකෙහි මෙම විරෝධතා සංවිධාන කර තිබේ.
















