ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා ඇති බව කියන ඉරාන නෞකා සම්බන්ධයෙන් රජය අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ පවසයි. අදාළ නෞකා ශ්‍රී ලංකාවට අනන්‍ය භූමියෙන් පිටත රැඳී සිටින බැවින්, ඒ සම්බන්ධයෙන් වගකීමක් ශ්‍රී ලංකාවට නොමැති බවත්, එම නෞකාවලට කිසිදු පහසුකම් සැපයීමක් සිදු නොකරන බවත් ඔහු කියා සිටියේය.
ඇමරිකාව යොදා ඇති නාවික බාධකය හේතුවෙන් තමන්ගේ වරායන් වෙත යාත්‍රා කිරීමට නොහැකිව ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා සිටින බවට ‘ටෑන්කර් ට්‍රැකර්ස්’ (TankerTrackers) වෙබ් අඩවිය මීට පෙර වාර්තා කර තිබුණි.
















