ජර්මනියේ ලෙයිප්සිග්හැලේ ගුවන්තොටුපොළ ඉලක්ක කරගනිමින් පසුගිය අගෝස්තු මාසයේදී එල්ල වූ රහසිගත ඩ්‍රෝන ප්‍රහාරයේ වගකීම සෘජුවම රුසියාව වෙත පැවරීමට බර්ලින් පාලනය සූදානම් වන බව Politico පුවත් සේවය වාර්තා කරයි.
මෙතෙක් කාලයක් රුසියානු “හයිබ්‍රිඩ් ප්‍රහාර”හමුවේ ජර්මනිය අනුගමනය කළ සංයමයේ ප්‍රතිපත්තිය අවසන් කරමින්, මෙය ඔවුන්ගේ රුසියානු විදේශ ප්‍රතිපත්තියේ දැවැන්ත සංක්‍රාන්ති සමයක් හෙවත් Zeitenwende 2.0 ලෙස නිලධාරීන් විසින් හඳුන්වනු ලබයි. මෙම නව පියවර යටතේ ජර්මනිය රුසියාවට එරෙහිව දැඩි පියවර ගැනීම, යුක්‍රේනය වෙත ලබාදෙන හමුදා ආධාර තවදුරටත් ඉහළ නැංවීම සහ තවත් රුසියානු පුද්ගලයන් හා සමාගම් 1,600කට ආසන්න සංඛ්‍යාවක් ඉලක්ක කරගනිමින් යුරෝපා සංගමයේ නව සම්බාධක පැනවීම සඳහා කටයුතු සූදානම් කරමින් සිටී.














