රජය විසින් දීර්ඝ කාලයක් පුරා පවතින මානව සම්පත් හිඟයට විසඳුම් ලබා දෙමින් රාජ්‍ය දැව සංස්ථාවේ පුරප්පාඩු පිරවීමට තීරණය කර ඇත. ඒ අනුව, වසර ගණනාවක් තිස්සේ නොවිසඳී තිබූ ආයතනික තනතුරු 10කට අදාළ පුරප්පාඩු 54ක් සඳහා සුදුසුකම් ලැබූ පිරිස වෙත නව පත්වීම් ලබා දීමට නියමිතය.
මෙම පත්වීම් ප්‍රදානෝත්සවය ලබන අගෝස්තු 31 වන දින රාජ්‍ය දැව සංස්ථාවේ ‘සප්ත පරිසර මණ්ඩපයේදී’ පැවැත්වීමට සැලසුම් කර ඇත.














