ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ මැඩිසන් ස්මූවර් උද්‍යානයේ (Madison Square Garden) පැවති විශේෂ රැස්වීමක් සම්බන්ධයෙන් විවිධ විශ්වාස කණ්ඩායම්, මානව හිමිකම් සංවිධාන සහ පහළ කුල සංවිධාන දැඩි විරෝධය පළ කර තිබේ.
“ලොවම එකම පවුලකි” යන තේමාව යටතේ ‘ඇමරිකන් හින්දුස් ෆෝ එන්ගේජ්මන්ට් ඇන්ඩ් ඩයලොග්’ (AHEAD) සංවිධානය විසින් මෙම ‘Universal Oneness Celebration’ නමින් හැඳින්වෙන උත්සවය සංවිධානය කර තිබිණි. එහි ප්‍රධාන දේශකයෙකු ලෙස ඉන්දියාවේ දක්ෂිණාංශික හිංදු අර්ධ හමුදා සංවිධානයක් වන ‘රාෂ්රීය ස්වයංසේවක් සංඝ්’ (RSS) හි ප්‍රධානී මෝහන් භාග්වත් සහභාගී වීම දැඩි ආන්දෝලනයට ලක්ව ඇත.
මෙම සංචාරය හින්දු ජාතිකවාදයේ අන්ත දක්ෂිණාංශික දේශපාලනය සහ සුළුජාතීන්ට එරෙහි හිංසනයන් වසන් කිරීමේ ‘සුහද සංචාරයක්’ (Goodwill tour) ලෙස භාවිත කරන බව ක්‍රියාකාරීහු පෙන්වා දෙති. ඉන්දියාවේ මුස්ලිම්, ක්‍රිස්තියානි සහ සික් ප්‍රජාවට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියා සහ වෙනස්කම් කිරීම් සාමාන්‍යකරණය කිරීමට මෙම ව්‍යාපාරය කටයුතු කර ඇති බවට උද්ඝෝෂකයෝ චෝදනා කරති. මෙම සංචාරයට එරෙහිව නිව්යෝක් නගරයේ දැඩි විරෝධතාද ක්‍රියාත්මක විය.














