විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඉල්ලා සිටින සියලුම ඖෂධ සහ ශල්‍ය උපකරණ වරදින් ලබාදීමට රජයට නොහැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
බහුතර ජනතාවක් භාවිත කරන අත්‍යවශ්‍ය සහ වැදගත්ම ඖෂධ සඳහා රජය මුදල් වෙන් කරන බව පෙන්වා දුන් ඇමතිවරයා, රටේ ආර්ථිකය ශක්තිමත් වන පළමු මොහොතේදීම ඉල්ලා සිටින අනෙකුත් ඖෂධ සහ ශල්‍ය උපකරණ ලබාදීමට කටයුතු කරන බව අවධාරණය කළේය. ඖෂධ සැපයීමේ යම් ප්‍රමාදයක් සිදු වුවහොත් ප්‍රාදේශීය ආයතන ප්‍රධානීන්ට ඒවා මිලදී ගැනීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බවත්, හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සහ නිලධාරීන් සිදුකළ බරපතළ මූල්‍ය වංචා නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි ලෙස අකර්මන්‍ය වී තිබූ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.














