මපුගස්දූව පොලිස් වසමේ බියගම මපුගස්දූව මාර්ගයේ සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුවෙක් රෝහල්ගත කිරීමෙන් පසු මිය යයි
2026.08.29 දින මපුගස්දූව පොලිස් වසමේ බියගම මපුගස්දූව මාර්ගයේ සමෘද්ධි මාවත ආසන්නයේදී මපුගස්දූව දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ වේදික තීරුවේ ගමන් කරමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකුගේ ගැටී අනතුරක් සිදු වී ඇත.
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුන් දෙදෙනා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් සිසුවෙකු මියගොස් ඇති අතර අනෙක් තුවාලකරු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. මරණකරු අවුරුදු 15 ක් වූ තෝනවල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මපුගස්දූව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














