චීනයේ සුෂෝ (Suzhou) හි පැවැත්වෙන ආසියානු පිරිමි සෙවන්ස් රග්බි (Asia Rugby Men’s Sevens Series) මාලාවේ පළමු අදියරේ අර්ධ අවසාන පූර්ව වටයේ තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 17-00ක් ලෙස පරාජයට පත් කිරීමට ජපාන කණ්ඩායම සමත් වී තිබේ.
තරගය පුරා ප්‍රබල පීඩනයක් එල්ල කළ ජපාන ක්‍රීඩකයින් හමුවේ ශ්‍රී ලංකා පිලට කිසිදු ලකුණක් රැස් කිරීමට අවස්ථාව ලැබී නැත. ඒ අනුව මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකාවට තරගාවලියේ ඉදිරි වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වී ගොස් ඇත.














