පහුගිය මැතිවරණ තුනේදීම මේ රටේ සහ මේ ප්‍රදේශයේ බහුතර ජනතාවක් පත් කරගත්ත ආණ්ඩුව පිට පිටම දිගින් දිගටම පොරොන්දු කඩ කරන, ජනතාවට සහන ලබා නොදෙන, බොරු රැවටිලිකාර ආණ්ඩුවක් බවට පත්වී ඇති බව ඔහු සඳහන් කර තිබේ. දැන් මේ ආණ්ඩුව සම්මාලාභී බොරුකරුවන් පිරිසක් බවට පත්ව ඇති බවත්, මේ තරම් බොරු කී සහ ජනතාව ඇන්දවූ වෙනත් පාලනයක් මීට පෙර ඉතිහාසයේ බිහි වී නැති බවත් හෙතෙම පෙන්වා දී ඇත.
බොහෝ දෙනෙක් ඡන්දය දුන්නේ “සිස්ටම් චේන්ජ්” (System Change) එකක් සඳහා බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා, පද්ධතිය වෙනස් වූයේ සත්‍යය දිනවීමට නොව බොරුව ජයග්‍රහණය කරවීම සඳහා බව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
















