අද ඉඳලා තිරිඟු පිටි මිල කිලෝ එකක් රුපියල් 17කින් වැඩි වෙනවා. එතකොට මම අහන්න කැමතියි පාන් සහ බේකරි නිෂ්පාදන වලට, රොටියකට, පරාටා, ඉඳිආප්ප, නූඩල්ස් සහ පිටි ආශ්‍රිත නිෂ්පාදනවල මිල වැඩි වෙනකොට මොකක්ද වෙන්නේ? නිරායාසයෙන්ම ජනතාව පාරිභෝජනයට ගන්න මේ බේකරි ආශ්‍රිත ආහාර පානවලට ඉතාමත්ම ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. කියන්නේ තවදුරටත් මේ රටේ ජනතාව දුක්ඛිතභාවයේ අගාදයටම ඇදවැට්ටුවා. ඒක තමයි සිද්ධ වෙන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජාත්‍යන්තර ආයතනයක් මඟින් රටවල් 130ක් සම්බන්ධයෙන් සිදු කර ඇති අවම වැටුප් දර්ශක සංගණනයට අනුව, අපේ රට පවතින්නේ 120 වැනි තැනට බව පෙන්වා දී ඇති හෙතෙම, ජනතාවට ලැබෙන අවම වේතනය සහ ආදායම ඉතාමත්ම පහළ මට්ටමක පවතින බව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
















