ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 2027 ICC ශූරයන්ගේ කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ක්‍රිකට් පරිවර්තන කමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිළිනොගැනීම මේ සඳහා හේතු වී ඇති අතර, තරගාවලිය ඉදිරියේදී වෙනත් රටක සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතය. ශම්මි සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් පසුගිය ක්‍රිකට් පරිපාලනය විසින් මෙම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාගෙන තිබුණි.
















