මේ රටේ ගොවි ජනතාව ඇතුළු මේ රටේ ලක්ෂ 20ක් වූ ජනතාව මෝඩයෝ ගානට වට්ටලා බොහොම ලේසියෙන් රවටන්න පුළුවන් කණ්ඩායමක් ගානට වට්ටලා අද මේ රජය කටයුතු කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මේ රජය වටේ ධන කුමාරයින්, ගිජු ලිහිනියන් අද ඉන්නවා. ඔබ පුංචි මනුස්සයන්ට අද රටේ තැනක් නෑ. එදා මාධ්‍ය පිටුපස දුව දුව ඒ අය වයිස් එකක් දුන්නා. දැන් ජනතාවගේ ප්‍රශ්න අහනකොට, වී ගොවියාගේ ප්‍රශ්න අහනකොට මාධ්‍යවේදීන්ගේ කැමරා අතින් වහනවා. අපි හදලා කියන කතා නෙමෙයි, ඔබ දැකලා ඇති, මාධ්‍යවේදීන්ට බැන වදිනවා යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
















