රටට නිදහස ලබා දුන් මහින්ද රාජපක්ෂට වත්මන් ආණ්ඩුව විවිධ අගෞරවනීය නම්වලින් හැඳින්වූ බවත්, ඡන්දය ගණන් කරන අවස්ථාවේදී සුබ නැකතට අනුර කුමාර දිසානායක මහතාට රට භාර දුන් බව පැවසුවද, ඔවුන්ට මැතිවරණයේදී සියයට 50ක ජන්ද ප්‍රතිශතයක්වත් ලබා ගැනීමට නොහැකි වූ බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබේ.
වත්මන් දේශපාලන තත්ත්වය සහ පසුගිය මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කර ඇත.
















