මෙරට කෘෂි නිෂ්පාදන සඳහා පවතින විදෙස් ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පෙන්වා දී ඇත්තේ පසුගිය වසරේ පමණක් කෘෂි නිෂ්පාදනවල අපනයන වර්ධනය සියයට 20කින් වැඩි වී ඇති බවයි.
ඒ අනුව පොල් ආශ්‍රිත නිෂ්පාදන සියයට 42ක්, පලතුරු සියයට 21ක් සහ එළවළු සියයට 20ක් වශයෙන් අපනයනය කර ඇති බව සඳහන් වේ. ඉදිරියේදී මෙරට වැඩි වශයෙන් කෘෂි ක්ෂේත්‍රය සඳහා ආයෝජනයන් සිදුවනු ඇති බවත්, එහිදී කාබනික නිෂ්පාදන සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.















