දීර්ඝ සති අන්තයෙන් පසු, තම ගම්බිම්වලින් කොළඹට පැමිණෙන මගීන්ට පහසුකම් සැලසීම සඳහා ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) අද දින විශේෂ ප්රවාහන සේවාවක් ආරම්භ කර තිබේ. වැඩිවන මගී ඉල්ලුමට සරිලන පරිදි මාතර, ගාල්ල සහ මහනුවර ඇතුළු ප්රදේශ කිහිපයකින් විශේෂ බස් රථ යොදවා ඇති බව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා පවසයි. මගී ජනතාවගේ ගමනාගමන පහසුව වෙනුවෙන් මෙම විශේෂ මෙහෙයුම් විධිවිධාන ක්රියාත්මක කර ඇත.














