කරවිල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් පසුගිය අගෝස්තු 28 වන දින යාල 6 වන කලාපයේ , කල්ලි වැව ඉහළ ප්රදේශයේ සිදු කරන ලද මුරසංචාරයකදී, රාත්රී 10.00ට පමණ ගිනි අවියක් සමඟ දඩයමේ නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු අල්ලා ගැනීමට මෙහෙයුමක් ක්රියාත්මක කර තිබේ.
එහිදී එක් සැකකරුවෙකු අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි වූ අතර, අනෙක් සැකකරු පලාගොස් ඇත. කෙසේ වෙතත්, පලාගිය සැකකරුද නිලධාරීන් විසින් පැහැදිලිව හඳුනාගෙන ඇති අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණයට “බී” වාර්තාවක් මගින් කරුණු වාර්තා කිරීමට නියමිතය.














