ඉන්දීය නාවික හමුදාවේ ආරාධනයකට අනුව ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අද (30) පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ.
මෙම සංචාරය අතරතුර එතුමන් ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ක්‍රිෂ්ණා ස්වාමිනාදන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් එන්.එස්. රාජා සුබ්‍රමනි, ආරක්ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං සහ ගුවන් හමුදා උප ප්‍රධානී එයාර් මාර්ෂල් අසුතෝෂ් ඩික්සිත් යන මහත්වරුන් හමුවී සාකච්ඡා පවත්වා ඇත. දෙරට අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව, පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීම සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් පුළුල් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබේ.
මීට අමතරව, කේරල ප්‍රාන්තයේ කෝචි නුවර පිහිටි දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වූ නාවික හමුදාපතිතුමන්, වයිස් අද්මිරාල් සමීර් සක්සේනා ද හමුවී පුහුණු හුවමාරු වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළ අතර, ‘INS Dronacharya’ පුහුණු පාසල ද නිරීක්ෂණය කරමින් තම තෙදින නිල සංචාරය සාර්ථකව නිමා කර ඇත.














