කම්හල වෙත ගෙන්වන ලද අබලි ද්‍රව්‍ය ගබඩා කර තිබූ ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්න පැතිරී යාම වැළැක්වීම සඳහා කඩදාසි කම්හලේ ගිනි නිවන ඒකකය, යුද හමුදාව, පොලීසිය, ඇඹිලිපිටිය නගර සභාව සහ සෙවණගල සීනි කම්හලේ ගිනි නිවන ඒකකය ඒකාබද්ධව දැඩි පරිශ්‍රමයක් යොදා මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට සමත්ව තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, අදාළ බලධාරීන් විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














