1959 වසරේදී චීන තර්ජන හමුවේ අතිපූජනීය දලයි ලාමා තුමන්ගේ ජීවිතය ආරක්ෂා කරමින් උන්වහන්සේට හිමාලය හරහා ආරක්ෂිතව ඉන්දියාව වෙත ළඟාවීමට මගපෑදූ ‘Chushi Gangdruk’ ටිබෙට් ගරිල්ලා සංවිධානය සහ ඔවුන්ගේ වීරකතා තේමා කරගනිමින් ෂෙන්පෙන් කිම්සාර් නිර්මාණය කළ ‘Four Rivers Six Ranges’ චිත්‍රපටයේ හින්දි අනුවාදය සැප්තැම්බර් 11 වනදා නිකුත් කිරීමට නියමිත බව ThePrint India වාර්තා කරයි.
මෙම ඓතිහාසික සිනමා නිර්මාණයේ හින්දි හඬකැවීම් සඳහා ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පී නවාසුදීන් සිද්ධිකි සිය දායකත්වය ලබා දී තිබේ. චිත්‍රපටයේ පසුබිම සහ ටිබෙට් ඉතිහාසයේ මෙම සුවිශේෂී සන්ධිස්ථානය සිනමාවට නැගීම සම්බන්ධයෙන් අධ්යක්ෂ ෂෙන්පෙන් කිම්සාර් ThePrint මාධ්‍යවේදී හර්ෂ් තිවාරි සමග කළ සාකච්ඡාවකදී විශේෂ තොරතුරු රැසක් අනාවරණය කර ඇත.














