කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නැගෙනහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක 6ක් සඳහා ඇම්බර් මට්ටමේ උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
හෙට (31) දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට පුරෝකථනය කර ඇති මෙම අවවාදාත්මක නිවේදනය නැගෙනහිර පළාතට මෙන්ම පොළොන්නරුව, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා බලපානු ඇත. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයන් යටතේ සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ලෙසත්, අවශ්‍ය පූර්වාරක්ෂක පියවර අනුගමනය කරන ලෙසත් අදාළ අංශ විසින් දැනුම් දී ඇත.














