මුලතිව් ඓතිහාසික කුරුන්දි රජමහා විහාර භූමියෙන් ඉවත් කර තිබූ පොලිස් ආරක්ෂාව නැවත ලබාදීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
විහාරස්ථානයේ ඉවත් කරන ලද පොලිස් ආරක්ෂාව යළි ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් විසින් අමාත්‍යාංශය වෙත යොමු කරන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමින් මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව, අදාළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් විහාරස්ථානය සඳහා අවශ්‍ය පොලිස් ආරක්ෂාව නැවත ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව විෂයභාර අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විහාරාධිපති හිමියන් වෙත දැනුම් දී තිබේ.














