දිනපතා ප්‍රකාශයට පත් කළ ‘මව්බිම’ පුවත්පත මීට පෙර වසා දැමීමට පියවර ගත් අතර, එහි ඉරිදා සංස්කරණය වන ‘ඉරිදා මව්බිම’ පුවත්පත ද වසා දමා ඇති බව බව මාධ්‍ය ක්ෂේත්‍ර ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙරට මුද්‍රිත පුවත්පත් කර්මාන්තය මුහුණ දී ඇති දැඩි මූල්‍ය සහ මෙහෙයුම් අර්බුදය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ. මීට පෙර ලක්ෂ පහක පමණ සීමාවේ පැවැති ප්‍රධාන ඉරිදා පුවත්පතේ අලෙවිය, වර්තමානය වන විට පිටපත් හැට දහසක පමණ පහළ මට්ටමකට වැටී ඇත. එයට සාපේක්ෂව සති අන්ත අනෙකුත් පුවත්පත් ද සීග්‍රයෙන් අලෙවිය පහළ බැස තිබේ. දිනපතා පුවත්පත් ද අලෙවිය අතින් අතිශය පහළ මට්ටමක ඇති අතර එහි වැඩියෙන්ම අලෙවි වන පුවත්පත පිටපත් විසිදාහකටද අඩු අගයක ඇති බව මාධ්‍ය ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අතර, එකතු කළ අගය මත බදු නොගෙවීම හේතුවෙන් මෙරට තවත් ප්‍රධාන පෙළේ පුවත්පත් ආයතනයක් දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බවත්, ඉදිරියේදී එම පුවත්පත් ආයතනය ද සම්පූර්ණයෙන්ම වැසී යාමේ අවදානමක් මතුව ඇති බවත් වාර්තා වේ.














