මුස්ලිම් රටවල පාලකයන් තමන්ගේ “සැබෑ සතුරා” හඳුනාගෙන ඔවුන්ගේ සැලසුම් අවබෝධ කර ගනිමින් ඊට මුහුණ දිය යුතු බව ඉරානයේ ආධ්‍යාත්මික නායක මොජ්ටබා කමේනි පවසා තිබේ.
ඉස්ලාමීය එක්සත්තා සතිය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයකදී ඔහු මේ බව සඳහන් කර ඇති අතර, විශේෂයෙන් බටහිර ආසියානු සහ ගල්ෆ් කලාපයේ මුස්ලිම් රටවල පාලකයන්ගෙන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස ඔහු ඉල්ලා ඇත.














