නේපාලයේ ඇති වූ ප්‍රබල ගංවතුර තත්ත්වයෙන් විපතට පත් ප්‍රදේශවල සහන සේවා කටයුතු සඳහා මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් සමන්විත විශේෂ සහන කණ්ඩායම් යොමු කිරීමට තීරණය කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කර තිබේ.
අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මීට අමතරව රජයක් හැටියට අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍යමය සහනාධාරයක් ලබාදීමට ද මූලික කටයුතු සිදු කරමින් පවතින බවයි. යවන භට පිරිස්වල ප්‍රමාණය සහ සංයුතිය පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ අවසන් තීරණයකට එළඹෙනු ඇති අතර, දකුණු ආසියානු රටක් ලෙස නේපාලයේ මේ අවාසනාවන්ත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඉතා සංවේදීව සහ සහයෝගයෙන් කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.














