හක්ගල උද්භිද උද්‍යානය ආශ්‍රිතව පරිසර සංරක්ෂණය සහ තිරසර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නව සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවකදී මෙම තීරණ ගෙන ඇති අතර, හක්ගලට ආවේණික දුර්ලභ ශාක විශේෂ සංරක්ෂණය සඳහා විශේෂ මධ්‍යස්ථානයක් සහ ඒ ආශ්‍රිත පර්යේෂණ සඳහා මූලික විද්‍යාගාරයක් ස්ථාපිත කිරීමට යෝජනා වී ඇත. ස්වභාවික පරිසරයට හානියක් නොවන ආකාරයෙන් නව ඇවිදින මංතීරු නිර්මාණය කිරීම, හරිතාගාර ඉදි කිරීම සහ හක්ගල පරිශ්‍රය ‘ශුන්‍ය විමෝචන’ (Zero Emission) පරිසර කලාපයක් ලෙස සංවර්ධනය කිරීම මෙම වැඩපිළිවෙළට ඇතුළත් වේ.














