ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතාවල නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ජපාන සංචාරකයන් සහ ආයෝජකයන් 250කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්-455 දරන ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය. ජපානයේ නරීටා නුවර සිට පැමිණි මෙම පිරිස පිළිගැනීම සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටීමෙන් මෙම සංචාරයේ ජාතික වැදගත්කම මනාව පැහැදිලි වේ.
ආර්ථික අර්බුදයකින් පසු යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර ආයෝජන ප්‍රජාවගේ විශ්වාසය ක්‍රමයෙන් වර්ධනය වන බවට මෙම දැවැන්ත පැමිණීම කදිම සාක්ෂියකි. දැඩි තරගකාරී ආසියාතික වෙළඳපොළක් තුළ ජපන් ආයෝජකයන් මෙරට කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම ඉදිරි ආර්ථික ප්‍රකෘතියට මෙන්ම සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනයට සුවිශේෂී රුකුලක් වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම සංචාරකයන් මෙන්ම ප්‍රධාන පෙළේ ආයෝජකයන් ද එකවර මෙරටට පා තැබීම හරහා ඉදිරියේදී මෙරට ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් වෙත නව ජපන් ප්‍රාග්ධන හිමිකම් ගලා ඒමට ප්‍රබල අවකාශයක් විවර වී තිබේ.
මෙම සුවිශේෂී පැමිණීමත් සමඟ දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, ඉදිරි මාස කිහිපය තුළ සංචාරක හා ආයෝජන ක්ෂේත්රවල මෙරටට හිමිවිය හැකි ප්‍රයෝජන රැසක් පිළිබඳව මේ වන විටත් අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා ආරම්භ වී ඇත. මෙවැනි ඉහළ පෙළේ ආයෝජකයන් පිරිසකගේ පැමිණීම ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට උපකාරී වන අතර, එය ඉදිරියේදී තවත් විදේශීය ආයෝජකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීමට ප්‍රබල පදනමක් වනු ඇතැයි අපේක්ෂා කෙේ.
















