දරිද්‍රතාවය තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ, රුපියල් බිලියන 22.425 ක වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති 15,646 ක් මේ වන විට දිවයින පුරා ආරම්භ කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පවසයි.
ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ප්‍රජා ශක්ති ජාතික ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ එක් ග්‍රාම නිලධාරී (GN) කොට්ඨාශයකට අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක්වත් ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කෙරෙන අතර, 2026 අයවැය මගින් රුපියල් බිලියන 25 ක් ඒ සඳහා වෙන් කර ඇත. ආරම්භ කර ඇති ව්‍යාපෘති අතර ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති 8,323 ක් (සියයට 53.2ක්) සහ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 7,323 ක් (සියයට 46.8ක්) වන අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් ව්‍යාපෘති 786 ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
















